කේ.වී.ඒ.ශිරාණි රේණුකා. කෘෂි විද්‍යා ගුරු,

“ආහාර සුරක්ෂිතතාව සඳහා පෝෂණ අවශ්‍යතා ලබා ගැනීමට ව්‍යවසායකත්ව කෘෂි උයන ඉතා වැදගත් වෙයි. එසේම සිසුන්ට දැකීම සහ ප්‍රවේශය ,ක්‍රියාකාරකම් මෙමගින් උදා වෙයි.කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ සිසුන් ඵලදායි ව කෘෂිකර්මාන්තට නැඹුරු කිරීමට,දැනුම,කුසලතා,ආකල්ප දියුණු කිරීමට ව්‍යවසායකත්ව කෘෂි උයන වැදගත් වෙයි. සිසුන් ගේ ව්‍යවසායකත්ව ආකල්ප,හැකියාව වර්ධනය කිරීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස කෘෂි ව්‍යවසායකත්ව උයන වැදගත් වෙයි.එසේම ව්‍යවසායකත්ව කෘෂි උයන තුලින් අනෝන්‍යය සහයෝගය දියුණු කිරීමට හැක.පේස්බුක් ,යූ ටියුබ්,වටිසැප් වැනි සමාජ ජාලා මගින් සිසු හැකියාව ඇගයීම,හැකියාව දියුණු කිරීමට අවස්ථාව ලබා ගත හැක.අන්තර්ජාලය තුලින් දැනුම සොයා යාම කෘෂිකාර්මික ආයතනය සම්බන්ධීකරණ මගින් දැනුම වර්ධනය කර ගත හැක.එසේම කෘෂි ව්‍යවසායකත්ව උයන මගින් සිසුන් විවිධ පර්යේෂණ කටයුතු වල නියැලිය හැක.ලෝකයාට මුහුණ දිය හැකි,ලෝකයා සමඟ තරග කල හැකි සිසුන් ව්‍යවසායකත්ව කෘෂි උයන මගින් කල හැක.සමාජ මාධ්‍ය අධ්‍යාපන,පරිගණක හැකියාව දියුණු කිරීම මෙමගින් කල හැක.සියලු පලාත්වල කෘෂි දැනුම,හැකියාව,ආකල්ප,නිර්මාණශීලිත්වය,එකම ස්ථානයකින් බෙදා හදාගත හැකි කෘෂි ව්‍යවසායකත්ව උයන තව දුරටත් දියුණු වීමට සුභ පතමි.”


කේ.වී.ඒ.ශිරාණි රේණුකා.
කෘෂි විද්‍යා ගුරු,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාල.
මහනුවර.