බී.කේ.ඕ දෙව්මිණි මුනිදාස – ශිෂ්‍ය

තාක්ෂණික දියුණුව සීඝ්‍රයෙන් යෙන් සිදුවන කාලවකවානුවක අප සමාජය කෙමෙන් කෙමෙන් ශාක වලින් වෙන් වූ පරිසරයක ජීවත් වෙමින් සිටියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වගාවන් සදහා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් නොයෙකුත් ලෙඩරෝග ජීවයට තර්ජනය කරමින් පවතියි.

පසුගිය වසරේ, කොරෝනා රෝගය මදක් පහව යෑමත් සමග රටේ ඇති වූ වගා සංග්‍රාම අතර සිසු ප්‍රජාව පාසල් ගෙවත්තේ වගා කිරීම ආරම්භ වීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඒ අනුව අප පාසලේ ආරම්භ වූ කෘෂිකාර්මික සංගමය සිසුවියන්ට සම්පූර්ණ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම වර්ධනයට මහත් සේ රුකුලක් විය. කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබද මනා අවබෝධය හා ඊට එක්වීමට ඇති කැමැත්ත නිසාවෙන් පාසලේ පමණක් නොව තම ගෙවත්ත ද මනාව කළමනාකරණය කර ගනිමින් කටයතු කිරීමට සිසුවියන් වන අප හට මේ වනවිට හැකියාව ලැබී ඇත.

අප පාසලේ කෘෂිකාර්මික සංගමය විසින් සිදුකරනු ලබන කෘෂිකර්මික ක්‍රියාකාරකම් අප විෂයභාර ගුරුතුමිය සමාජ මාධ්‍යය හරහා කරන දැනුවත් කිරිම් නිසා අද වන විට අප සංගමයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතියි. මෙම නිසාවෙන් ශිෂ්‍යාවන්ගේ දැඩි උද්යෝගය අප වෙත ලැබීම සංගමයේ දියුණුවට හේතු වී ඇත.

සිසුවින්ගේ දැනුම පෝෂණයට නව මගක් එක් කිරීමට කැපවූ රෙණුකා ශිරානි ගුරු මෑණියන්ටත් එතුමියගේ මෙම මහගු කර්තව්‍යය ට මග පෑදූ පුෂ්පදාන විද්‍යාලීය ගරු විදුහල්පතිතුමියටත් ආචාර්ය මණ්ඩලයටත් නොයෙකුත් අයුරින් සහය. වූ අප දිරිමත් කළ සැමටත් ස්තූතියි.


බී.කේ.ඕ දෙව්මිණි මුනිදාස
9 ශ්‍රේණිය
පුෂ්පදාන බාලිකා විද්‍යාලය