අප ගැන

ශ්‍රී ලංකාව කෘෂි ආර්ථිකයක් පදනම් වූ රටක් වුවත් කෘෂිකර්මාන්තය සඳහා ලබා දෙන දායකත්වය ඉතාමත් අල්පය. වත්මන් තරුණ පරපුර කෘෂිකර්මාන්තය වෙත නැඹුරු වීම ඉතා අල්ප බැවින් ශ්‍රී ලංකාව තුල නව කෘෂි ව්‍යවසායකයින් බිහි වීමේ ප්‍රවනතාවය ඉතාමත් අඩුය. එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වන විට බො නොවන රෝග වල ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති අතර ශ්‍රී ලංකාවේ 40% පමණ ආහාර සුරක්ෂිතතාව නොමැති වී ඇත.
මේ සියලු කාරනා නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසායකත්වය නගා සිටුවීම සඳහා තරුණ පරපුරට අවශ්‍ය උත්දිපනයක් ලබා දීම වෙනුවෙන් පාසල් මට්ටමෙන් “ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන වැඩසටහන” ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. සම්ප්‍රධායික පාසල් ගෙවතු වගාවෙන් ඔබ්බට ගොස් තිරසාර කෘෂිකාර්මික සහ සමාජීය ඉලක්කයන් ලගා කර ගැනීම උදෙසා මෙම වැඩසටහන සැලසුම් කර ඇත. මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ
පෝෂණය හදුනා ගැනීම
පෝෂණ මට්ටම ඉහල නැංවීම
අහාර රටාවේ යහපත් ලෙස වෙනස් කිරීම
කෘෂි කර්මාන්තය සඳහා ඇල්මක් ඇති කිරීම සහ තරුණ තරුණියන් ලෙස නව ව්‍යවසායකයින් සමාජයට එක කිරීම
ආහාර හා පෝෂණ අර්බුධය ජය ගැනීමට නව පරපුර මෙහෙයවීම
පාසල් උද්‍යානය තුලින්අනෙකුත් විෂයන් සඳහා සහයක් ලබා ගැනීම
ආකල්පමය අතින් දියුණු දරුවෙකු සමාජයට දායක කිරීම අරමුණු වේ.
ශ්‍රී ලංකාව පුරා ඇති සමස්ත රාජ්‍ය අංශයේ පාසල් 10,155ක දැනට සිසුන් මිලියන 4 ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් වාර්ෂිකව 421,000 සිසුන් සංඛ්‍යාවක් පාසල් අධ්‍යාපනය හාමාර කර පාසල් වලින් පිටවේ.
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුලින් පෝෂණය හා ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම, ව්‍යවසායකයින් බිහි කිරිමට අත්‍යාවශ්‍යම මොහොතක “ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන වැඩසටහන” ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජාතික මට්ටමේ ක්‍රියාකාරී වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇති මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ පාලත් 3 කට අදාළ දිස්ත්‍රික්ක 10 තුල පාසල් 500 ක්‍රියාත්මක වෙමින් පවතී.
දැනට මෙම වැඩසටහන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට
අධ්‍යාපන අමාත්‍යංශය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
පාලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වෙනත් ආයතන
සහය දක්වන අතර මෙම වැඩසටහන ක්ෂේත්‍රයේ තිරසාරව පවත්වාගැනීම සහ සම්බන්ධීකරණයට අදාළ කටයුතු
තරුණ ගොවි සමාජ මුලස්ථානය (YFC)
සිදු කරනු ලබයි

වැඩසටහන සඳහා මුල්‍යමය දායකත්වය සපයන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි.